• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුඛ, හනු හා මුහුණ පිළිබඳ ශල්‍ය පාරිභෝජ්‍ය අයිතම මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
- මුඛ, හනු හා මුහුණ පිළිබඳ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා භාවිත කරන ශල්‍ය පරිභෝජ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් 201,542.90ක මුදලකට කොරියාවේ M/s. Osteonic Co. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.