• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය, රුහුණ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල පහසුකම් පුළුල් කිරීම
- විශ්වවිද්‍යාල සිසුන් සඳහා අවශ්‍යවන පහසුකම් වර්ධනය කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය ගොඩනැඟිලි හා යටිතල පහසුකම් වර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය සඳහා තෙමහල් පුස්තකාල ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 312.2ක මුදලකට මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙතත්, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා මහල් 10ක වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,138.3ක මුදලකට මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙතත් සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨය සඳහා පස් මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 378.8ක මුදලකට සීමාසහිත කේ.එස්.ජේ. කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම වෙතත්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.