• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව පූජා නගරයට පිවිසෙන පිවිසුම් මාර්ගය ආරම්භවන ස්ථානයේ වාහල්කඩ ඉදි කිරීම
- පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව උරුම නගරයක් ලෙස පොළොන්නරුව පූජා නගරය ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව පොළොන්නරුව නගරය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට හැකි වන පරිදි පොළොන්නරුව පූජා නගරයට පිවිසෙන හතමූණ මංසන්ධිය ආසන්නයේ, පොළොන්නරුව පුරවරයේ අනන්‍යතාව විදහා දැක්වෙන අයුරින් වාහල්කඩක් ඉදිකිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.