• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුපකාර ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විද්වත් මණ්ඩලයක් පත් කිරීම
- මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පුළුල් හා කාර්යක්ෂම සේවාවක් සපයමින් පොදු අරමුණු ඉටුකරගැනිම උදෙසා සමුපකාර ව්‍යාපාරය සුවිශේෂී දායකත්වයක් සපයනු ලබයි. එහෙත් මෙරට සමුපකාර ක්ෂේත්‍රය තුළ දේශපාලනීකරණය, අකාර්යක්ෂම කළමනාකරණය හා පරිපාලන ගැටලු ආදි තත්ත්වයන් නිරීක්ෂණය වී ඇත. එබැවින් සමස්ත සමුපකාර ක්‍රමවේදය, එහි දැනට පවතින ගැටලු, එම ගැටලු සඳහා විසඳුම් සහ ඒ සඳහා සමුපකාර නීති රාමුව තුළ සිදුවිය යුතු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.