• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීම
- දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ සහ රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා ඉදිරිපත් වී ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන, ජය ශ්‍රී මහාබෝධිය හා රුවන්වැලි මහාසෑය වටා අධි ආරක්ෂිත වැටක් ඉදි කිරීම ඇතුළු ආරක්ෂිත විධිවිධාන සැලසීම පිණිස බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.