• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ අහිතකර බලපෑම අවම කරගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- සංචාරක ක්ෂේත්‍රය තුළින් උපයන ආදායම හා එම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වර්ධනය කරගැනීමේ අරමුණින් 'ශ්‍රී ලංකා සංචාරක උපායමාර්ගික සැලැස්ම 2017 - 2020' ක්‍රියාත්මකව පවතින අතරතුර මෑතක දී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ඉහත අරමුණු ඉටුකර ගැනීම අභියෝගයක්ව පවතී. එබැවින් එයට පිළියමක් ලෙස ඒකාබද්ධ මහජන සම්බන්ධතා හා කෙටිකාලීන අලෙවි හා සන්නම් සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත ගෝලීය නියෝජිතායතනයක් මඟින් දින 45ක කාලයක් සඳහා කෙටිකාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක සන්නම් නාමය යළි ප්‍රචලිත කරගැනීම සඳහා මාස 06ක කාලපරිච්ඡේදයක් පුරා දැන්වීම් ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.