• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- සංචාරකයින් අතර නැඟී එන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත වී තිබුණු අතර, එම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් මෙරටට විදේශීය සංචාරකයින් රැගෙන ආ විදේශීය චාරිකා මෙහෙයවන්නන් හා එක්ව ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, වසරකට මගීන් 250කට අධික සංඛ්‍යාවක් මෙරටට රැගෙන එන විදේශීය චාරිකා මෙහෙයවනන් හා එක්ව රුපියල් මිලියන 150ක පමණ ආයෝජනයක් යටතේ යෝජිත වැඩසටහනන ක්‍රියාත්මක කිරීමටත්, එක්සත් රාජධානිය, ඉන්දියාව, රුසියාව, ඉතාලිය, ඊශ්‍රායලය, ජර්මනිය, චීනය, යුක්රේනය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, බෙන්ලක්ස්, කොරියාව, ගල්ෆ් හා ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන්වල චාරිකා මෙහෙයවන්නන් වෙතින් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා යෝජනා ලබාගැනීමටත් සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.