• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හක්ගල උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීම
- 1861 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද හක්ගල උද්භිද උද්‍යානය නැරඹීමට වාර්ෂිකව දේශීය හා විදේශීය නරඹන්නන් ලක්ෂ 9ක් පමණ පැමිණෙති. ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුගතවීම සඳහා උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීම මඟින් වැඩි නරඹන්නන් පිරිසක් තවදුරටත් ආකර්ෂණය කරගැනීමේ හැකියාව පවතින බවට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව 2023 වර්ෂය වන විට මෙම උද්භිද උද්‍යානයේ ආදායම 25%කින් වැඩි කරගැනීම සහ නව රැකියා අවස්ථා බිහිකිරීම මඟින් උද්‍යානය අවට ප්‍රදේශයේ සමාජ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා උද්‍යානය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පෞරාණික ශාකාගාර නිදර්ශක දිරාපත්වීමෙන් ආරක්ෂා කරගැනීම, උද්‍යානය තුළ විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම, අධ්‍යාපනික ක්‍රියාකාරකම් විවිධාංගීකරණය කිරීම සහ වෘක්ෂලතා සඳහා ජාතික බීජ බැංකුවක් ස්ථාපිත කිරීම ඇතුළත් උද්‍යානය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය 2019-2023 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.