• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම චංචල දේපළ ඇතුළු වත්කම් කොටසක් උපයෝගී කරගෙන ණය පහසුකම් ලබාගනිමින් ව්‍යාපාර වර්ධනය කරගැනීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් 2009 අංක 49 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පනත අහෝසි කර, සුරක්ෂිතලත් ගනුදෙනුවල නීතිමය රාමුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජනා වී ඇත. ඒ අනුව, 2009 අංක 49 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පනත අහෝසි කොට නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර, එසේ කෙටුම්පත් කරනු ලබන පනත් කෙටුම්පත් හේතුවෙන් දැනට ක්‍රියාත්මකව පවතින කාලාවරෝධ ආඥාපනත, භාර ලදුපත් ආඥාපනත, උකස් පනත, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරන පනත, 1990 අංක 14 දරන දේශීය භාර ලදුපත් පනත, 2007 අංක 07 දරන සමාගම් පනත සහ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යනාදියද සංශෝධනය කළ යුතු බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඒ සඳහාද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, කෙටුම්පත් කරනු ලැබ ඇති සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත සමගම සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන ඇති ඉහත සඳහන් පනත් හා ආඥා පනත් 07 සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.