• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට හා හානියට පත් වූ පවුල් සවිබලගැන්වීම
- මෑතක දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්ව ඇති සමස්ත පවුල් සංඛ්‍යාව 344ක් වන අතර, මින් පවුල් 156ක එක් මරණයක් හෝ සිදු වී ඇති බවත් පවුල් 188කින් අවම වශයෙන් එක් පුද්ගලයෙකු හෝ තුවාල ලබා ඇති බවත් වාර්තාවේ. මෙම පවුල් වල සියලු සාමාජිකයින්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික හා අධ්‍යාත්මික වශයෙන් ප්‍රතිසාධනය හා නැවත නගාසිටුවීම සඳහා කඩිනම් වැඩසටහනක අවශ්‍යතාවය රජය විසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙම ප්‍රහාර හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් සවිබලගැන්වීම සඳහා කතෝලික සභාවේ සමාජ සේවා ආයතනයක් වන 'සෙත්සරණ' ආයතනයේ සම්බන්ධීකරණය සහිතව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් 'ස්වශක්ති' මානව සංවර්ධන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.