• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඌව වෙල්ලස්ස භෞතික හා මානව සම්පත් සංවර්ධන වැඩ පිළිවෙල
- යටත් විජිත පාලනය විසින් එල්ල කරන ලද පීඩනයට එරෙහිව ඌව - වෙල්ලස්සේ ජනතාව විසින් සිදු කරන ලද නිදහස් අරගලය මර්දනය කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් එම ප්‍රදේශයේ වැව් අමුණු, කෙත් වතු, වෙහෙර විහාර ආදී දේපළ හා මිනිස් ජීවිත දරුණු ලෙස විනාශ කරන ලද අතර, එය එම ප්‍රදේශවල දැඩි ආර්ථික - සමාජ පරිහානියකට හේතු විය. එම ප්‍රදේශවල සංවර්ධනය ඉලක්ක කරගනිමින් ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද එම ප්‍රදේශවල භෞතික හා මානව සම්පත්වල කඩිනම් සංවර්ධනයක් සිදු කිරීම තවදුරටත් අත්‍යවශ්‍ය වේ. ඒ අනුව 2019 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට වෙන් කර ඇති රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන භාවිත කරමින් ජල කළමනාකරණ, කර්මාන්ත ප්‍රවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය, කෘෂි ගොවිපළ හා ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීම ආදිය ඉලක්ක කරගත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සහ එමඟින් කාන්තා සහ තරුණ ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.