• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබා දීම තහවුරු කිරීම සඳහා පිහිටුවනු ලැබ ඇති අමාත්‍ය කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
- වර්තමානයේ ඇති වී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් සහ මුදල්; විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන; මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන; වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර තීරණය කරන ලදී. ඒ අනුව මේ වන විට විදුලිබල ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති තත්ත්වය අනුව හදිසි බලශක්ති මිල දී ගැනීමක් සිදු කළ යුතු තත්ත්වයක් ඇති වී ඇති බැවින් රට තුළ අඛණ්ඩ විදුලිබල සැපයුමක් පවත්වා ගැනීම සඳහා කෙරවලපිටියේ ස්ථාපිත කරනු ලබන බත්තල් මත ඉදි කරන ලද මෙගාවොට් 200ක බලාගාරය මඟින් 2019 ජුනි මාසයේ සිට ඉදිරි මාස 06ක කාලපරිච්ඡේදයක් සඳහා විදුලි ඒකකයක් රුපියල් 26.20 බැගින් විදුලිබලය මිල දී ගැනීම සඳහාත් ගාල්ලේ ස්ථාපිත කරන ලද බත්තල් මත ඉදි කරන ලද මෙගාවොට් 200ක බලාගාරය මඟින් 2019 සැප්තැම්බර් මාසයේ සිට ඉදිරි මාස 09ක කාලයක් සඳහා විදුලි ඒකකයක් රුපියල් 26.20 බැගින් විදුලිබලය මිල දී ගැනීම සඳහාත් නිර්දේශ කරඇති බව දක්වමින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.