• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ වඳවී යෑමේ තර්ජනයට ලක් වී සිටින වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂ සම්බන්ධව අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 18 වන සමුළුව (CITES සමුළුව) පැවැත්වීම කල් තැබීම
- 2019 මැයි මස හා ජුනි මස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ වඳවී යෑමේ තර්ජනයට ලක් වී සිටින වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂ සම්බන්ධව අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 18 වන සමුළුව, ඉදිරි වෙනත් දිනකදී පැවැත්වීමට හැකි වන පරිදි කල් තැබීමට කටයුතු කර ඇති බව සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.