• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තහනම් සංවිධාන ප්‍රකාශයට පත් කිරීම
- මෑතකදී සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ජාතික ආරක්ෂාවට ඇතිවූ තර්ජන හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව ජාතික තව්හිද් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් 2019 05 13 දිනැති අංක 2123/2 දරන අති විශෙෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.