• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් සැලසුම් කිරීම සහ ඉදි කිරීම
- කොහුවල සහ ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස එම ස්ථානයන්හි ගුවන් පාලම් ඉදි කිරීමට යෝජනා කර තිබේ. මේ අනුව, මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව සලසා ගැනීම පිණිස අවශ්‍ය ණය ගිවිසුම්වලට එළඹීටත් කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි හංගේරියාවේ සීමාසහිත Betonutepito පොදු සමාගම වෙත යුරෝ මිලියන 52ක මුදලකට පිරිනැමීමටත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.