• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් ජාලය දියුණු කිරීමට අවශ්‍ය උපාංග මිල දී ගැනීම සඳහා වන ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය සහිතව ක්‍රියාත්මක කරනු ලැබේ. එම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම පැකේජ 09ක් යටතේ සිදු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතියේ පැකේජය 5 ලොට් 5 යටතේ මිල දී ගැනීමට නියමිත අයිතමයන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ‍ඩොලර් මිලියන 3.17ක සහ රුපියල් මිලියන 9.43ක මුදලකට M/s. Leader Cable Industry Berhad වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.