• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය ශික්ෂණ රෝහල සඳහා MRI ස්කෑන් යන්ත්‍රයක් මිල දී ගැනීම
- මොළය හා මධ්‍ය ස්නායු පද්ධතියේ විවිධ රෝග තත්ත්වයන් මෙන්ම පියයුරු හා හෘද රෝගී තත්ත්වයන් හඳුනාගැනීම සඳහා කරනු ලබන විමර්ශනයන්හිදී චුම්බක ප්‍රතිධ්වනි (MRI) ප්‍රතිබිම්භ ලබාගැනීමට භාවිත කරනු ලබන MRI යන්ත්‍රයක් යාපනය ශික්ෂණ රෝහල සඳහා මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 1.65 සහ රුපියල් මිලියන 44.85ක මුදලකට සීමාසහිත ඩිමෝ පෞද්ගලික සමාගම වෙතින් මිල දී ගැනීමටත් එහි වසර දෙකක වගකීම් කාලයෙන් පසු තවත් වසර 05ක් සඳහා ඇමරිකානු ඩොලර් 296,231ක මුදලකට සේවා හා නඩත්තු කොන්ත්‍රාත්තු ගිවිසුමකට එම සමාගම සමඟ එළඹීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.