• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘත්‍රිම අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සඳහා භාවිත කරන පේකෝඉමල්සිෆිකේෂන් උපකරණ 29ක් මිල දී ගැනීම
- කෘත්‍රිම අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සඳහා භාවිත කරන පේකෝඉමල්සිෆිකේෂන් උපකරණ 29ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 1.18ක මුදලකට M/s. Delmage Forsyth & Co. Ltd. වෙතින් මිල දි ගැනීම සහ එම උපකරණ සඳහා ලබා දී ඇති වසර දෙකක වගකීම් කාලයෙන් පසු තවත් වසර 05ක කාලයක් සඳහා එක් උපකරණයකට රුපියල් 937,850/-ක් බැගින් එම සමාගම සමඟ සේවා හා නඩත්තු කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.