• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුධිර නාල සම්බන්ධ රෝගී තත්ත්වයන් හඳුනාගැනීම සඳහා භාවිත කරන ඩිජිටල් ෆ්‍ලූරොස්කොපි උපකරණ 02ක් මිල දී ගැනීම
- මොළය, හදවත ඇතුළු විවිධ ශරීරාංගයන්හි රුධිර නාල සම්බන්ධ රෝගී තත්ත්වයන් හඳුනාගැනීම සඳහා සිදු කරන විමර්ශනයන්හිදී ප්‍රතිබිම්භන ලබාගැනීමට යොදා ගනු ලබන ඩිජිටල් ෆ්‍ලූරොස්කොපි උපකරණ 02ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලකට සීමාසහිත ඩිමෝ පෞද්ගලික සමාගම වෙතින් මිල දී ගැනීමට සහ වසර දෙකක වගකීම් කාලයෙන් පසු තවත් වසර 05ක් රුපියල් මිලියන 35.8ක මුදලකට එම උපකරණවල සේවා හා නඩත්තු කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.