• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළු ගඟ ජලසම්පාදන පුළුල් කිරීමේ ව්‍යාපෘතිය - 1 අදියරෙහි උපදේශන සේවා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කළු ගඟ ජලසම්පාදන පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ජපාන යෙන් මිලියන 31,810ක ණය මුදලක් ලබාගැනීමටත් ඒ සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සමඟ ණය ගිවිසුමකට එළඹීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය මඟින් බස්නාහිර පළාතේ දකුණින් පිහිටි ප්‍රදේශවල ජලසම්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සුරක්ෂිත පානීය ජලය සැපයීම සහ දෙහිවල සහ මොරටුව ජල සම්පාදන පද්ධති වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා වන උපදේශන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපන් යෙන් මිලියන 558.32ක සහ රුපියල් මිලියන 773.19ක මුදලකට ජපානයේ M/s. Nihon Studio Consultants Co. Ltd. විසින් ජපානයේ M/s. TEC International Co. Ltd., ශ්‍රී ලංකාවේ සීමාසහිත සීවෝටර් කන්සල්ටන්ට්ස් පෞද්ගලික සමාගම සහ සීමාසහිත රිසෝස් ඩිවලොප්මන්ට් කන්සල්ටන්ට්ස් සමාගම යන ආයතන සමඟ ඇති කරගන්නා ලද බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.