• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කිරීම, නියාමනය හා අධීක්ෂණය සඳහා 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත යටතේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පිහිටවනු ලැබ ඇත. එම කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු ප්‍රතිසංවිධානය කිරීම, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කිරීම, නියාමනය හා අධීක්ෂණය කිරීමේ බලතල කොමිෂන් සභාව වෙත ලබා දීම සහ භාෂා අයිතිය උල්ලංඝණය වීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි නිසි පරිදි විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය බලතල කොමිෂන් සභාව වෙත ලබා දීම මඟින් එය ශක්තිමත් කිරීම පිණිස මෙම පනත සංශෝධනය විය යුතු බවට නිරීක්ෂණය වී ඇත. එම අරමුණ පෙරදැරිව 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම පිණිස ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ම‍නෝ ගනේසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.