• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට රන්මිණිතැන්නේ යෝජිත කොකෝවා සංවර්ධන ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සඳහා ලබා දී ඇති කාලය දීර්ඝ කිරීම
- ගෝලීය කොකෝවා නිෂ්පාදන සමාගමක් වන ඊශ්‍රායලයේ බින් සහ සමාගමේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ මෝල්ස්ටා කෝප් සමාගමට හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ කොකෝවා සංවර්ධන ව්‍යාපෘතියක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ සඳහා ලබාගත යුතු අනුමැතීන් ලබාගැනීම යම් යම් ප්‍රායෝගික හේතු මත ප්‍රමාද වූ බැවින් එම ශක්‍යතා අධ්‍යයනයේ කටයුතු මෙතෙක් නිම කිරීමට හැකියාව ලැබී නොමැත. එබැවින් මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා දී ඇති කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.