• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ නගරයේ නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
- කොළඹ ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50,000කගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින්, රුපියල් බිලියන 190ක ආයෝජනයක් යටතේ නාගරික පුනර්ජීවන වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. මෙම නිවාස වැඩසටහන සම්පූර්ණ කිරීමත් සමඟ ‍අක්කර 400ක පමණ ඉඩම් ප්‍රමාණයක් වාණිජ කටයුතු සඳහා නිදහස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘතිවලට අමතරව මාලිගාවත්ත දුම්රිය දෙපාර්තමේන්තු ඉඩම, ඛෙත්තාරාමයේ ඇපල්වත්ත, බ්ලූමැන්ඩල් හි කිඹුලා ඇළ සහ රත්මලාන වාරිමාර්ග ඉඩම යන ස්ථානයන්හි නිවාස 2,272ක් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.