• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය
- යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 3ක් සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 12ක් ආවරණය වන පරිදි රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. කැලණි ග‍ඟේ දිනකට ඝන මීටර 4,400ක ධාරිතාවක් සහිත තුළුමුව, ඝන මීටර 4,000ක ධාරිතාවක් සහිත පවිත්‍රාගාරයක්, මීටර් 300ක් පිරිපහදු නොකළ ජලය පොම්ප කිරීම, පනාපිටිය, මහල්ල, කන්නන්තොට හා ඉඹුලාන යන ප්‍රදේශවල පිරිපහදු ජලාශ 04ක් ඉදි කිරීම සහ කිලෝ මීටර 20.5ක සම්ප්‍රේශණ නළ මාර්ගය හා කිලෝ මීටර 100ක් දිග බෙදා හැරීමේ නළ මාර්ගය ඇතුළු සංරචකවලින් මෙම ව්‍යාපෘතිය සමන්විත වේ. එම ව්‍යාපෘතියේ තවදුරටත් සිදු කළ යුතුව ඇතැයි සැලසුම්කර ඇති ඉඹුලාන, කන්නන්තොට සහ පනාපිටිය යන ජලාශ 3 ඉදි කිරීම සහ මෙම ජලාශවල සම්ප්‍රේශණ හා බෙදාහැරීමේ පද්ධතියේ කොටසක් ඉදි කිරීම ඇතුළු කාර්යයන් සඳහා අවශ්‍ය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අරමුදල් භාණ්ඩාගාරය මඟින් ලබාගැනීම තුළින් 2019 වසරේ සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා අවශ්‍යවන අනෙකුත් පහසුකම් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.