• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුවේ සහ මඩකලපුවේ අප ජල රැස් කිරීමේ, පිරිපහදු කිරීමේ සහ බැහැර කිරීමේ පද්ධතිය සංවර්ධනය කිරීම
- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 16ක වෙසෙන ජනතාවට පහසුකම් සැලසීම සඳහා යෝජිත අප ජල රැස් කිරීමේ, පිරිපහදු කිරීමේ සහ බැහැර කිරීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ව්‍යාපෘතියේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෛ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 26ක වෙසෙන ජනතාවට පහසුකම් සැලසීම සඳහා යෝජිත අප ජල රැස් කිරීමේ, පිරිපහදු කිරීමේ සහ බැහැර කිරීමේ පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන සිදු කරවා ගැනීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.