• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය වවුනියා විශ්වවිද්‍යාලය බවට පත් කිරීම
- යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය සහ ව්‍යවහාරික විද්‍යා යන පීඨයන් වවුනියා මණ්ඩපය තුළ ස්ථාපිත කරනු ලැබ ඇත. එම ව්‍යාපාර අධ්‍යයන පීඨය යටතේ මුදල් හා ගණකාධිකරණ සහ ආර්ථික විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන අංශයන්ද එහි ව්‍යවහාරික විද්‍යා පීඨය යටතේ භෞතික විද්‍යා සහ ජීව විද්‍යා අධ්‍යයන අංශයන්ද ස්ථාපිත කරනු ලැබ තිබේ. මෙම පාඨමාලාවන්හි ගුණාත්මකබව වර්ධනය කිරීම සඳහාත් එම උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට හැකි වන පරිදිත්, යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, වවුනියා විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.