• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා ජර්මනිය මඟින් පිරිනමනු ලබන මූල්‍ය සහයෝගිතාව
- ශ්‍රී ලංකාව තුළ රක්ෂණාවරණයකින් ආවරණය නොවන සියලුම නිවාස හිමියන් ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමයක් මඟින් ආවරණය කිරීම සඳහා වන රක්ෂණ ක්‍රමයක්, ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමයේ තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා යුරෝ මිලියන 2.5ක වටිනාකමකින් යුත් තාක්ෂණික සහාය ලබා දීමට ජර්මනියේ පුනර්නිර්මාණි බැංකුව (KfW) සහ ජර්මනියේ රක්ෂණ සංවර්ධන සංසදය එකඟතාවය පළ කර තිබේ. එම අරමුදල් සහය ලබාගැනීම පිණිස අවශ්‍ය ගිවිසුම්වලට එළඹීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.