• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විරුසර වරප්‍රසාද කාඩ්පත - දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
- ක්‍රියාන්විත සේවයේ යෙදී සිට ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ සාමය ගොඩනැඟීම වෙනුවෙන් දිවි පිදූ හා අතුරුදහන්වූවන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ටත් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්‍ට ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි 'විරුසර' නමින් වරප්‍රසාද කාඩ්පතක් නිකුත් කර තිබෙන අතර එමඟින් පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීමේදී සහ සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු, රක්ෂණ හා කල්බදු ආදී ක්ෂේත්‍ර ගණනාවක සේවා සපයනු ලබන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 70කින් පමණ සේවා ලබාගැනීමේදී විශේෂ වරප්‍රසාද ලබාගැනීමට ඔවුනට හැකි වී තිබේ. වර්තමානයේදී මෙම කාඩ්පත හරහා ප්‍රතිලාභ භුක්ති විඳින හිමිකම්ලාභීන්ට අමතරව, ගැටුම් පැවති 1983 - 2009 කාල වකවානුව තුළ ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය හා වර්තමානයේද සේවයේ නියුතු රණවිරුවන්ට සහ එම කාලසීමාව තුළ ඉහත ආයතනවලට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ හා අතුරුදහන් වූ සිවිල් නිලධාරින් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ටත්, ආබාධිත වූ සිවිල් නිලධාරින්ටත් විරුසර වරප්‍රසාද කාඩ්පත නිකුත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.