• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි දෙවන ජාතික ක්‍රියාකාරි සැලැස්මෙහි ක්‍රියාත්මක කිරීමේ කාල වකවානුව සංශෝධනය කිරීම
- විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය යනු විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම, පුරවැසියන් බලගැන්වීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීමට නව තාක්ෂණයන් උපයෝගි කරගැනීම යනාදි ප්‍රතිපත්තීන් සඳහා රාජ්‍යයන්ගේ දැඩි කැපවීම සහතික කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වීය මූලාරම්භයකි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය යටතේ සියලුම සහභාගිත්ව රටවල් විසින් ස්වේච්ඡාවෙන් සකස් කරන ලද බැඳීම් ඇතුළත් දෑ අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරීම අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා රජයේ පළමුවන දෑ අවුරුදු විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරි සැලැස්ම (2016 - 2018) ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට‍ පෙර අනුමැතිය ලබා දෙන ලදී. 2018 සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත දෙවන සැලැස්ම 2018 10 31 සිට 2020 09 30 දක්වා කාලය තුළ අදාළ රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ වන විටත් මෙම ක්‍රියාකාරි සැලැස්ම ආරම්භ කිරීමේ කාල වකවානුව ගෙවී ගොස් තිබූ බැවින් මීළඟ කාල චක්‍රයට අදාළ වන සේ එය ක්‍රියාත්මක කිරීමේ කාල වකවානුව 2019 03 01 සිට 2021 08 31 දක්වා සංශෝධනය කර ඇති බවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.