• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වන "සහන පැකේජය"
- පසුගිය දශකයක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය ඉහළ නැංවීම සඳහා වන ප්‍රධනාතම බලවේගය වූයේ සංචාරක කර්මාන්තයයි. සිවිල් යුද්ධය අවසන් වීම නිසා 2009 වසරේදී 500,000ටත් අඩු මට්ටමක පැවති සංචාරකයින්ගේ පැමිණීම 2018 වසරේදී මිලියන 2.3ක් දක්වා වර්ධනය වී තිබිණි. ඒ අනුව සංචාරක කර්මාන්තය 2018 වන විට විදේශීය ප්‍රේෂණ සහ ඇඟලුම් හැරුණු විට රටෙහි තෙවන විශාලතම හා වේගයෙන්ම වර්ධනය වන විදේශ විනිමය ඉපැයීමේ මූලාශ්‍රය බවට පත්වී තිබිණි. මෑතකදී සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් එම ක්ෂේත්‍රයේ අනාගත අස්ථාවරත්වයක් හා තිරසරභාවයට ඇති වූ තර්ජනය හේතුවෙන් මෙම කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා ගත යුතු කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳ රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටවනු ලැබීය. එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජකයන් හා සංචාරකයින් තුළ විශ්වාසයක් ඇති කිරීම සඳහා සහන ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්ත හා පුද්ගලයින් විසින් ලබා ගෙන ඇති ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දීම, ණය ප්‍රතිලේඛනගත කිරීම, අවුරුදු 02 ක ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව රජය විසින් සඵල පොලී අනුපාතිකයෙන් 75%ක් දරනු ලබන කාරක ප්‍රාග්ධන ණය පහසුකමක් "එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ ලබා දීම, පෞද්ගලික ආයතනවල ආරක්ෂව තහවුරු කිරීම සඳහා ආනයනය කරනු ලබන ආරක්ෂක උපාංග සඳහා බදු නිදහස් කිරීම, ලියාපදිංචි හෝටල් හා සංචාරක නියෝජිතවරු සඳහා එකතු කළ අගය මත බද්ද 2019 අප්‍රේල් මස 01 දින සිට 2020 මාර්තු මස 31 දින දක්වා 5%ක් දක්වා අඩු කිරීම යනාදී සහන සැලසීම පිණිස වැඩබලන මුදල් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.