• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආනයන ගුවන් භාණ්ඩ පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- 2018 වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ආනයනය කරන ලද ගුවන් භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 280කට අධික වන අතර, පසුගිය වසර 5 තුළ මෙම ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් වාර්ෂිකව 8%කින් වර්ධනය වන බව වාර්තා වේ. එයට සාපේක්ෂව ප්‍රමාණවත් ධාරිතාවක් ගුවන්තොටුපොළ සතුව නොමැති බැවින් ගුවන් භාණ්ඩ කලාපයේ දැඩි තදබදයක් ඇති වී තිබේ. එහෙයින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අතිරේක ආනයන ගුවන් භාණ්ඩ පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.