• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා වායුසමනය කළ, ඩීසල් බහු ඒකක කට්ටල 02 ක් මිලට ගැනීම
- දෙපාර්තමේන්තුව සතුව ඒ වන විට තිබූ දුම්රිය එන්ජින් හා මැදිරි භාවිත කරමින් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය 2013 දී නැවත ආරම්භ කරන ලද අතර, පසුව උඩරට මාර්ගයේ සේවයේ යෙදවීම සඳහා ආනයනය කරන ලද අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරිවලින් යුත් වායුසමනය කළ, ඩීසල් බහු ඒකක කට්ටල යොදා ගනිමින් ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර නව නගරාන්තර දුම්රිය සේවය ආරම්භ කරන ලදී. මෙම දුම්රිය සේවය සඳහා ඇති අධික ඉල්ලුම හා මහජනතාවගේ ආකර්ශණය සලකා අඩි 65 ප්‍රමාණයේ වායු සමනය කළ මැදිරි සහිත නව දුම්රිය S 13 ඩීසල් බහු ඒකක ප්‍රසම්පාදනය කරගැනීමට අදාළව මීට පෙර එළඹෙන ලද ගිවිසුමට අතිරේකව උතුරු දුම්රිය මාර්ගයේ සේවයේ යෙදවීම සඳහා වායුසමනය කළ S 13 ඩීසල් බහු ඒකක කට්ටල දෙකක් M/s. RITES LTD. වෙතින් ලබා ගැනීමටත්, දැනට උතුරු මාර්ගයේ සේවයේ යොදවා ඇති අඩි 50 ක ප්‍රමාණයේ මැදිරිවලින් යුත් වායු සමනය කළ ඩීසල් බහු ඒකක කට්ටලය සංචාරකයින් අතර ඉහළ ආකර්ශණයක් සහ වැඩිවන ඉල්ලුමත් සහිත උඩරට මාර්ගයේ යෙදවීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.