• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාරයක් වන රිටුක්සිමැබ් එන්නත් කුප්පි (වයල්ස්) මිල දී ගැනීම
- ඇතැම් පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන රිටුක්සිමැබ් එන්නත් 100mg/10ml ප්‍රමාණයේ කුප්පි 1750ක් සහ එහි 500mg/50ml ප්‍රමාණයේ එන්ත් කුප්පි 2,000ක් මිලදී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය පරිදි තුර්කියේ M/s. Transfarma Dis Ticaret Anonim Sirketi වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.