• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරීටක හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිත කරනු ලබන කිරීටක ස්ටෙන්ට් මිල දී ගැනීම
- කිරීටක හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සිදු කරන පරිඝට්ටන කිරීටක මැදිහත්වීම සඳහා කිරීටක ස්ටෙන්ට් සහ ඖෂධ ප්‍රක්ෂාලනය කරනු ලබන කිරීටක ස්ටෙන්ට් විවිධ ප්‍රමාණයන්ගෙන් මිල දි ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගන්නා ලද සැපයුම්කරුවන් වෙත රුපියල් මිලියන 446.39ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.