• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමාණුකූලව ඉහළ නැංවීමට සමගාමීව එම සිසුන් සඳහා අත්‍යවශ්‍ය පහසුකම් සැලසීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, 2020 - 2023 මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ වයඹ, යාපනය, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය සහ කැලණිය යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති 13ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව වයඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් ඒකකයේ දේශනශාලා ඉදි කිරීම, යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය විද්‍යා ඒකකයේ මහල් 5කින් යුත් ගොඩනැඟිල්ලේ 4 වන හා 5 වන මහලේ වැඩකටයුතු අවසන් කිරීම, එම විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ ව්‍යාපාර අධ්‍යයන පීඨය සඳහා ගොඩනැඟිලි හා අනෙකුත් ව්‍යූහයන් ඉදි කිරීම්, පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, අධ්‍යයන හා විධායක කාර්යමණ්ඩලය සඳහා තෙමහල් ගොඩනැඟිල්ලක් හා අනධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය පරිශ්‍රයේ ඉංජිනේරු තාක්ෂණය හා ජෛව පද්ධති තාක්ෂණය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා යෝජිත ගොඩනැඟිල්ල පුළුල් කිරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා නව ආපන ශාලාවක් ඉදි කිරීම හා එහි ඉංජිනේරු පීඨයේ ස්ථාපිත කර ඇති ගොඩනැඟිල්ල පුළුල් කිරීම සහ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය සඳහා මහල් 10කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.