• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිනමාශාලා සංවර්ධනය සඳහා මූල්‍ය ණය පහසුකම් පුළුල් කිරීම
- මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින සිනමා කර්මාන්තය උසස් රසවින්දනයකින් යුක්තව, නැවත නඟාසිටුවීම සඳහා රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව දැනට ක්‍රියාත්මකව පවතින සිනමාශාලා නවීන තාක්ෂණයෙන් සමන්විත කිරීම හා උසස් සිනමා කර්මාන්තයක් ඇති කිරීම සඳහා අවශ්‍යකරණ යටිතල පහසුකම්වලින් වැඩිදියුණු කිරීම, වැසී ගිය සිනමාශාලා නූතන සිනමා කර්මාන්තයට සරිලන ගුණත්වයෙන් යුතුව යලි ස්ථාපිත කිරීම සහ නව සිනමාහල් ආරම්භ කිරීම සඳහා සිනමාහල් හිමියන් අභිප්‍රේරණය කිරීමට 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහන යටතේ සහන ණය මුදල් ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.