• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ස්ථාපිත කිරීම
- වැඩි ජන සංඛ්‍යාවක් ජීවත් වීම, සේවා සැපයීම සඳහා ආවරණය කළ යුතු භූමි ප්‍රමාණය විශාල වීම, ප්‍රවේශ අපහසුතා යනාදී මහජනයා වෙත රාජ්‍ය සේවා සැලසීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා මඟහරවා ගැනීම මෙන්ම 2012 සීමා නිර්ණය කමිටුවේ නිර්දේශවලට අනුරූපීව හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හික්කඩුව, රත්ගම, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙසත්, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බද්දේගම හා වදුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙසත්, බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බලන්ගොඩ හා කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙසත් උත්ශ්‍රේණිගත කිරීම සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නීල්දණ්ඩාහින්න, තලවකැලේ, කොත්මලේ බටහිර, කොත්මලේ නැ‍ඟෙනහිර, නෝර්වුඩ් ලෙස හා වවුනියා දිස්ත්‍රික්කයේ ඕමන්තේ ලෙස නව ‍ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටුවීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.