• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ ත්‍රෛභාෂා මිශ්‍ර නව ජාතික පාසලක් ආරම්භ කිරීම
- මහනුවර නගරය හා ඊට ආසන්න උපනගර ජනාකීර්ණත්වයට පත්වීමත් සමඟ මහනුවර අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සඳහා ඇති තරගකාරිත්වය ඉහළ ගොස් ඇති බව හඳුනාගනු ලැබ ඇත. එබැවින් මහනුවර නගර ආසන්නයේ මිශ්‍ර පාසලක් ආරම්භ කිරීම මඟින් එම ප්‍රදේශ තුළ වෙසෙන දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීම සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. එබැවින් රුපියල් මිලියන 1,141.46ක ආයෝජනයක් යටතේ පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි අක්කර 10ක භූමි ප්‍රමාණයක් තුළ එක් ශ්‍රේණියක් සඳහා සමාන්තර පංති 6කින් යුත් ත්‍රෛභාෂා මිශ්‍ර නව ජාතික පාසලක් ආරම්භ කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.