• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සැකකරුවන් / චූදිත තැනැත්තන් අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීම
- රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ නියෝගය දීර්ඝ කිරීම පිණිස දෙසතියකට වරක් රැඳවූවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ නෛතික අවශ්‍යතාවය හේතුවෙන් එම රැඳවූවන්, බන්ධනාගාර කාර්ය මණ්ඩලය සහ මහජනතාව සැලකිය යුතු අවදානමකට ලක්වන බැවින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම මඟින් එම නෛතික අවශ්‍යතාව ළිහිල් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, විශේෂිත අවස්ථාවන් යටතේ සැකකරුවන් / චූදිත තැනැත්තන් පෞද්ගලිකව අධිකරණයට පැමිණීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.