• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්ෂේත්‍ර රාජකාරිවල නියැලෙන සංස්කෘතික විෂය භාර ක්ෂේත්‍ර නිලධාරින් වෙත පහසුකම් සැලසීම
- ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා බැඳුණු කලාංග සුරක්ෂිත කරමින් අනාගත පරපුර වෙත දායාද කිරීම හා දේශීය අනන්‍යතාව ලොව හමුවට රැගෙනයාම සිය මෙහෙවර ලෙස ඉටුකරනු ලබන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ම‍ට්ටමින් අනුයුක්ත කර තිබෙන සංස්කෘතික විෂය භාර ක්ෂේත්‍ර නිලධාරින් මඟින් තම සේවා පවත්වාගෙන යනු ලැබේ. එම නිලධාරින් විසින් සංස්කෘතික උරුමය සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ව්‍යාප්තිකරණයට අදාළව වැඩසටහන් රාශියක් ප්‍රාදේශීය මට්ටමින් සංවිධානය කරනු ලබන අතර, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන දොළොස්මහේ වැඩසටහන හා අනෙකුත් වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබා දෙයි. එම නිලධාරින් විසින් ඉටු කරනු ලබන සේවාවේ ගුණත්වය වර්ධනය කිරීම සඳහා ඔවුන් වෙත තවදුරටත් අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.