• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටකොටුව ඕලන්ද කෞතුකාගාර ගොඩනැඟිල්ලේ සංරක්ෂණය සහ අලුත්වැඩියාව
- පිටකොටුව කුමාර වීදියේ පිහිටා ඇති ඕලන්ද කෞතුකාගාරය මීට වසර 350කට පමණ පෙර ඕලන්ද යටත් විජිත සමයේදී ඉදි කරනු ලැබ ඇති අතර, එය එවකට ඕලන්ද ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ලෙස භාවිතා කොට ඇත. මේ වන විට ඉතා ජනාකීර්ණ හා කාර්යබහුල ප්‍රදේශයක පිහිටා ඇති මෙම ගොඩනැඟිල්ල දෙස් විදෙස් සංචාරකයින්ගේ නිරන්තර අවධානයට හා ආකර්ෂණයට ලක්වී ඇති ස්ථානයකි. මෙම කෞතුකාගාරයේ කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනා ගෙන ඇති අලුත්වැඩියා සහ සංරක්ෂණ කටයුතු රුපියල් මිලියන 97.26ක ආයෝජනයක් යටතේ සිදු කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.