• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හොරණ නාගරික නිවාස ව්‍යාපෘතිය, 'සැමට සෙවණ' ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම
- හොරණ නාගරික නිවාස ව්‍යාපෘතිය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් 2017 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, යෝජිත නිවාස ඉදිකිරීමට ‍තෝරාගත් භූමිය නගර සීමාවට ඈතින් පිහිටීම හේතුවෙන් මතු වූ ගැටලු මත ක්‍රියාත්මක කිරීමට‍ නොහැකි වී තිබේ. එම ව්‍යාපෘතිය සඳහා ලබා ගෙන ඇති අනුමැතීන් හා ප්‍රතිපාදන යටතේ යෝජිත නාගරික නිවාස ව්‍යාපෘතිය වෙනුවට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'සැමට සෙවණ' ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එක් ප්‍රතිලාභියෙකු සඳහා රුපියල් 600,000/-ක ණය මුදලක් 6%ක පොළී අනුපාතයක් යටතේ වසර 15ක් ඇතුළත මාසික වාරික වශයෙන් ගෙවා නිම කිරීමේ පදනම මත ලබා දෙනු ලබන නිවාස ණය පහසුකමකින් සහ නිවස ඉදි කිරීමට ලබා දෙනු ලබන රුපියල් 150,000/-ක ද්‍රව්‍ය ආධාර සහිතව මෙම ව්‍යාපෘතිය ප්‍රජා සහභාගිත්ව ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.