• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමාශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීම
- ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමෙන් පසු මුල් අවධියේදී සිනමාශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවූවද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වාගෙන යාම සඳහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. සිනමාශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කළද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයින් අපහසුතාවන්ට ලක් වන බවත්, එබැවින් සිනමාශාලා වෙත පැමිණෙන නරඹන්නන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බවත් නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ගුණාත්මක සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙසත්, මතින් තොර රටක් ගොඩනැඟීම සඳහා වන ජාතික වැඩසටහන‍ට දක්වන දායකත්වයක් ලෙසත් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමාශාලාවල මත්පැන් අලෙවිහල් බලපත්‍ර සඳහා නිකුත් කරනු ලබන නිර්දේශ ලිපි මින් ඉදිරියට නිකුත් කිරීම අත්හිටුවන බව සඳහන් කරමින් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.