• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ චීනයේ හයිනාන් පළාතේ විදේශ කටයුතු කාර්යාලය අතර ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම
- මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම හා වැවිලි ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳව චීනයේ හයිනාන් පළාත් රජයට අයත් දූත කණ්ඩායම් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා පවත්වන ලද අතර, ශ්‍රී ලංකාව හා චීනයේ හයිනාන් පළාත අතර සහයෝගිතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව එම සාකච්ඡාවේදී හඳුනාගන්නා ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාව හා චීනයේ හයිනාන් පළාත අතර වැවිලි ක්ෂේත්‍රයේ සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා කර තිබේ. ඒ අනුව කෙටුම්පත් කරනු ලැබ ඇති නිවර්තන කෘෂිකාර්මික සංවර්ධනය සහ වැවිලි භෝගවල අගය එකතු කිරීම සඳහා සහයෝගිතාව යන මැයෙන් සකස් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.