• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනත යටතේ සකස් කරන ලද නියෝග
- සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනත යටතේ සපයනු ලබන සේවාවන් වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු නියම කරමින් ප්‍රකාශයට පත් කරන ලද 2018 ජනවාරි 24 දිනැති 2055/18 දරන අති‍විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.