• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, නඩත්තු ධාරිතාව ශක්තිමත් කිරීම, දුම්රිය ආරක්ෂාව වැඩිදියුණු කිරීම, තාක්ෂණික පුහුණු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම සහ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ ධාරිතාව ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් දුම්රිය ජාලය නවීකරණය කර දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා ඇති වැඩිවන ඉල්ලුම සපුරාලීම පිණිස දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය මඟින් දුම්රිය ප්‍රවාහනය සඳහා ඇති මගී ආකර්ශනය වර්ධනය කිරීම, දුම්රිය වෙළඳපොළ කොටස ඉහළ නැංවීම, මාර්ග තදබදය අවම කරමින් නාගරික ප්‍රදේශයන්හි තරඟකාරී සේවා, කර්මාන්ත සහ සැපයුම් දාම වැඩිදියුණු කිරීමට ද දායකත්වය ලබා දෙනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සහාය ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට සහ එම බැංකු සමඟ ණය ගිවිසුමකට එළඹීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.