• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පඩිපාලක සභා ආඥාපනත සංශෝධනය කිරීම
- යම් ව්‍යාපාර ආයතනයක නිෂ්පාදන හෝ සේවා කාර්යයන් සඳහා කොන්ත්‍රාත් සේවකයින් සේවා නියුක්ත කිරීම මඟින් එම ආයතනයේ නිත්‍ය සේවා නියුක්තියේ යෙදී සිටින සේවකයින්ට සිදු විය හැකි අගතිදායක තත්ත්වය වළක්වා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස පඩිපාලක සභා ආඥාපනතේ 59අ වගන්තිය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.