• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) පිහිටුවීම
- ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික කාර්යසාධනය සැලකිය යුතු මට්ටමක පැවතියද ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීම සඳහා ව්‍යවසායකත්ව අංශය විසින් නව තාක්ෂණයට අනුගත වෙමින්, ඵලදායිතාව ඉහළ නංවමින්, ගෝලීය අගයදාම ක්‍රියාවලියට හා නව වෙළඳපොළවල්වලට පිවිසෙමින්, වඩාත් හොඳ රැකියා අවස්ථා බිහිකර රටේ සමස්ත ආර්ථික සංවර්ධනයට දායක විය යුතුව ඇත. ඒ අනුව නව්‍යකරණය සහ පර්යේෂණ හා ව්‍යවසායකත්වය සංවර්ධනය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය පවත්වා ගෙන යාම සඳහා ජාතික නව්‍යකරණ නියෝජිතායතනය පිහිටුවීමට යෝජනා වී ඇත. මෙම ආයතනය මඟින් නව්‍යකරණය පිළිබඳ පාර්ශ්වකරුවන් විසින් සිදු කරන ක්‍රියාකාරකම් සමාලෝචනය, සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරනු ඇත. මෙම ආයතනය විසින් ජාතික ආර්ථිකයට ලබා දීමට නියමිත දායකත්වය සැලකිල්ලට ගෙන එය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීමටත්, 'ශ්‍රී ලංකාව සඳහා වූ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව උපායමාර්ගය (2018-2022)' ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ මාර්ග සැලැස්ම හා මාර්ගෝපදේශ රාමුව ලෙස අනුගත කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.