• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ජනාධිපති විද්වත් කමිටු වාර්තාව
- ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව නිර්දේශ ලබාගැනීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ගරු එරාන් වික්‍රමරත්න රාජ්‍ය අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත් කරන ලද අතර එකී කමිටුව විසින් ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එම කමිටුව විසින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම, ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම, ඵලදායි ක්‍රමෝපායික සැලසුමක් හා ව්‍යාපාර මෙහෙයුම් ආකෘතියක් සම්පාදනය කිරීම, මානව සම්පත ප්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහතික කරවීම, සන්නාම ප්‍රවර්ධනය සහ ක්‍රියාවන් උපයෝජනය කිරීම යනාදී අංශ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර තිබේ. ඒ අනුව යෝජිත නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.