• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තත්ත්වය, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය සහ අදාළ වර්ෂය තුළදී අනුගමනය කරන ලද මූල්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් මුදල් නීති පනතේ විධිවිධානවලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සකස් කරනු ලැබ තිබේ. මුදල් නීති පනතේ විධිවිධාන අනුව මුදල් විෂය භාර ඇමතිතුමා වෙත ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.